පස්වන තරගයේ ජයත් කැන්ගරුවන්ට

402
0

ඕස්ට්‍රේලියානු යොවුන් පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 4-1 කින් ජය ලැබීමට ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෝ ඊයේ  සමත් වූහ.  හෝබර්ට්හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ  පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් ඕස්ට්‍රේලියානු යොවුන් පිල ලකුණු 23 ක ජයක් ලැබීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 245 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 48.5 කදී ලකුණු 221 කට සීමා කෙරිණ. ශ්‍රී ලංකා පිල 43 වැනි ඕවරය අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 198 ක් රැස්කරමින් ප්‍රබල තත්ත්වයක පසුවුවද පසු පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකා යොවුන් පිලේ ගැලවුම්කරු බවට පත්වූ ජෙහාන් ඩැනියල් මෙම ඉනිමේදී පන්දු 89 කදී හතරේ පහර 4 ක් සමගින් ලකණු 75 ක් රැස් කිරීමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු යොවුන් පිල වෙනුවෙන් මැක්ස් බ්‍රයන්ට් (67) සහ මැතිව් ස්පර්ස් (නොදැවී 65) අර්ධ ශතක රැස්කළහ.

ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 47 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.

SHARE