දේශීය පුහුණුකරුවන් රැක ගැනීම පරිපාලකයන්ගේ වගකීමයි – අර්ජුන

86
0

මෙරට දක්ෂ පුහුණුකරුවන්ගෙන් ප්‍රයෝජන නොගෙන ඔවුන් විදෙස් කණ්ඩායම් පුහුණු කිරීම සම්බන්ධව චෝදනා කිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන බව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය අද කොළඹදී පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මුත්තයියා මුරලිදරන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දග පන්දු පුහුණු උපදේශකවරයෙකු ලෙස සේවය කිරීම සදාචාරාත්මක නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පසුගියදා චෝදනා කළා. ඊට ප්‍රතිචාර දක්වමින් මුරලිදරන් පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තම සේවය අවශ්‍ය නොවු බැවින් විදෙස් කණ්ඩායමක් පුහුණු කිරීම වරදක් නොවන බවයි.

අද පැවැති සම්මන්ත්‍රණයේදී හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මේ සිදුවීම පිළිබඳ අදහස් පළ කළා.

මෙම ගැටලුවලට මුලික හේතුව වී ඇත්තේ ක්‍රිකට් බලධාරීන් මුදල් මත පදනම් ව තීරණ ගැනීම බවයි හිටපු ක්‍රිකට් නායකයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

Comments

comments

SHARE