ආසියානු කණිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 12ක්

200
0
File Photo

ආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් මේ මස 20 වැනි දින සිට 23 වැනි දින දක්වා තායිලන්තයේ බැංකොක් නගරයේ පැවැත්වෙන 2 වැනි ආසියානු ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් නම්කර තිබේ.

පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වූ 2017 ජාතික ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයින් 9 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් තිදෙනකු මෙම කණ්ඩායමට නම් කළ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුව සඳහන් කරයි.

ලබන ජූලි මස බහමාස්හිදී පැවැත්වෙන ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලට නම්කර ඇති ක්‍රීඩකයින් සිව්දෙනා සහ ක්‍රීඩිකාවන් දෙදෙනාද කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමට ඇතුළත්කර තිබේ.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම

බාලක :-
ටී.එම්. සුරාජ් දිනූෂ – මොරකැටිය මහ විදුහල (මී. 100), ශාලිත සංතුෂ් වීරසිංහ – කොටහේන ශා. බෙනඩික්ට් විදුහල (මී. 200), රවිශ්ක ඉන්ද්‍රජිත් – කොටහේන ශා. බෙනඩික්ට් විදුහල (මී. 400), ඩී.එම්.එස්. හර්ෂ කරුණාරත්න – වලල රත්නායක මැදි විදුහල (මී. 800), හේෂාන් කාරියවසම් – කොළඹ ශා. ජෝශප් විදුහල (මී. 110 කඩුලු), එස්.ඒ. නවෝද්‍ය සංකල්ප – මහින්ද විදුහල (මී. 400 කඩුලු), චානුක විශාන් කස්තුරිආරච්චි – ගල්කිස්ස ශා. තෝමස් (උස පැනීම), ප්‍රමෝද් මධුභාෂ්  – මීගමුව මාරිස්ටෙලා (දුර පැනීම), තාරුක රුක්ෂාන් – හලාවත ශා. මරියා (හෙල්ල විසිකිරීම)

බාලිකා :-
සචිනි දිව්‍යාංජලී – වත්තල ලයිසියම් (මීටර් 100, 200), සඳුමිනි චවිප්‍රභා බණ්ඩාර – කෑගල්ල ශා. ජෝශප් බාලිකාව (මී. 400), අශ්මිතා හේරත් – කුලියාපිටිය මැදි විදුහල (මී. 2000 බාධක, 3000 බාධක)

නිලධාරීන් :-
සුසන්ත ප්‍රනාන්දු (කළමනාකරු), අමිල ප්‍රසන්න (පුහුණුකරු), ඒ.ජී. නන්දාවතී (පුහුණුකාරිනිය)

SHARE