වියට්නාම විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

34
0

වියට්නාමයේ – හෝචිමිං නුවර පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

මේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙක් සහ ක්‍රීඩිකාවක් එක්වනවා.

මීටර් 400 ජාතික ශූරතාවට හිමිකම් කියන ප්‍රදීප් රුවන් කුමාර, හෙල්ල විසි කිරීමේ ශූර වරුණ ලක්ෂාන් දයාරත්න සහ තුන් පිම්ම ජාතික ශූර අභීත කුමාරසිංහ ඒ අතරට ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම ක්‍රීඩිකාව වන්නේ කාන්තා මිටර් 5000 ජාතික ශූරිය වන නිලානි රත්නායකයි.

නිලානි මේ තරගාවලියේදී කාන්තා මීටර් 5000 සහ මීටර් 1500 ඉසව්වලට සහභාගී වීමට නියමිතයි.

අනිල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරනවා.

වියට්නාම විවෘත මලල ක්‍රීඩා තරගාවලිය හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතයි.

 

Comments

comments

SHARE