19න් පහළ කණ්ඩායමට එංගලන්තයෙන් අභියෝගයක්

176
0

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ එංගලන්ත 19න් පහල කණ්ඩායම අතර පළමු යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කේම්බ්‍රිජ්හීදී ආරම්භ වුණා. මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක මැක්ස් හෝල්ඩන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

එංගලන්ත පළමු කඩුලු 2 ක්ලකුනු 85ක් වෙද්දී බිඳ වැටුනා. නමුත් ඉනිමට ජවය එක්කළ ඔලී වෙස්ට්බරි සහ ජෝජ් බාට්ලට් 3වන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 231ක්. වේගවත් ප්‍රහාරයක් දියත් කළ බාට්ලට් පන්දු 152 කින් ලකුණු 131ක් ලබා ගත්තේ හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමගින්.  වෙස්ට්බරි පන්දු 289කින් ලකුණු 154ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

එංගලන්ත 19න් පහළ පළමු ඉනිම – 352/4 (ඔලී වෙස්ට්බරි – 154*, ජෝජ් බාට්ලට් – 131, ලහිරු කුමාර – 2/71, සම්මු අශාන් – 1/21)

ඔලී වෙස්ට්බරි
ඔලී වෙස්ට්බරි
ජෝජ් බාට්ලට්
ජෝජ් බාට්ලට්

Comments

comments

SHARE