රියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකා වෛද්‍යවරු දෙදෙනෙක්

87
0

එළැඹෙන අගෝස්තු මාසයේ බ්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා මෙරට වෛද්‍යවරුන් දෙදෙනෙක් සහභාගී වනවා.

ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිලාභී වෛද්‍ය හිමාන් ද සිල්වා සහ සංඛ තෙබුවනආරච්චි මෙලෙස ඔලිම්පික් උළෙලට එක්වන වෛද්‍යවරු දෙදෙනායි.

මේ වසරේ සිට ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සියලු සාමාජික රටවල් නියෝජනය කරමින් වෛද්‍යවරු සහභාගී කර ගැනීමට ජාත්‍යන්තර ඔලිම්පික් කවුන්සිලය ගෙන ඇති තීරණය අනුවයි ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව හිමි වී තිබෙන්නේ.

ජාත්‍යන්තර ඔලිම්පික් කවුන්සිලය මගින් මෙහෙයවනු ලැබූ ක්‍රීඩා වෛද්‍ය පශ්චාත් උපාධි පාඨමාලාව සාර්ථකව අවසන් කරන්නට වෛද්‍ය හිමාන් සහ වෛද්‍ය සංඛ සමත් වුණා.

රියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා ඔවුන් දෙදෙනා ඊයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් බ්‍රසීලය බලා පිටත්ව ගියා.

Comments

comments

SHARE