ජාත්‍යන්තර තරඟ ලංකාවේ පවත්වන්නේ නැතිවීම අද පවතින විශාල ගැටළුවක්.- ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර

58
0

ජාත්‍යන්තර තරඟ ලංකාවේ පවත්වන්නේ නැතිවීම  අද පවතින විශාල ගැටළුවක්. අනෙක් රටවල් වලට ගිහින් තරගාවලි සඳහා සහභාගී වීමට අවස්තාව ලැබෙනවානම් තව තවත් ජයග්‍රහණ ලබාගැනීමට දරුවන්ට හැකි වනබව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කලේ අද දින  ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති 6 වෙනි ආසියානු ළමා ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී පාසල් ක්‍රීඩකයින් ඇගයීමේ උත්සවයට සහභාගී වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මේ ජයග්‍රහණ ලබාගත් දරුවන් වෙනුවෙන් රජය ලක්ෂ 250 ක් පමණ වියදම් කරලා තියනවා. ඒ වියදම් අපතේ නොයවා තමන්ගේ රට වෙනුවෙන් ජයග්‍රහණ ලබාගෙන පැමිණීම අපි prasadi lakshaani tripple jump. silver medal (FILEminimizer)හැමෝගෙම ජයග්‍රහණයක්. අනෙක් රටවල්  ගිහින් තරගාවලි සඳහා සහභාගී වීමට අවස්තාව ලැබෙනවානම් තව තවත් ජයග්‍රහණ ලබාගැනීමට දරුවන්ට හැකිවෙනවා. ජාත්‍යන්තර තරඟ ලංකාවේ පවත්වන්නේ නැතිවීම  අද පවතින විශාල ගැටළුවක්. ඒ නිසා ලබන වසරේත් පවත්වන තරඟාවලින් වල විස්තර හැකි ඉක්මනින් ලැබීමට සලස්වන්න කියලා මම ක්‍රීඩා සංගම් වලට කියන්න කැමතියි. එම ක්‍රීඩාවලට  සහ ඒ සංචාර වලට අවශ්‍ය සියළුම දේවල් අපට ලබාදෙන්න කටයුතු කරනවා.

ඒ වගේම අවුරුදු 13 න් පහල දරුවන්ගේ දක්ෂතා හඳුනාගැනීමේ පරීක්ෂණයෙන් ඒ ඒ ක්‍රීඩාවට දක්ෂ දරුවන්ව තෝරාගන්න කටයුතු කරනවා. එම ක්‍රීඩකයන් 2024 ඔලිම්පික් තරඟාවලිය ඉලක්ක කරලා ක්‍රීඩකයන් සංචිතගතකිරීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා. නොයෙක් පාසල්වල ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ශක්ති වැඩසටහන යටතේ මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කරනවා. ඔවුන්ට ඉදිරියේදී ස්ථීර රැකියාවන් සොයාගැනීමටත් අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කරනවා.

ඒ වගේම නුවර එලියේ අදි ඌනතාංශ  ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකරනවා. එවැනි පුහුණු මධ්‍යස්තානයක පුහුනුවීමෙන්  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනත් රටවල් වල ගොස් madara weerasuriya. 4 400 bronze (FILEminimizer)තරඟ කිරීමට  විශාල ශක්තියක් වෙනවා. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය අපි පවරාගැනීමට කටයුතු කරනවා. අධ්‍යාපන ඇමතිතුමා එක්ක සාකච්ඡා කරලා දරුවන්ට
නේවාසිකව ක්‍රීඩා පුහුණුවීම් කටයුතු වල යෙදීමට අවශ්‍ය එම ක්‍රීඩාංගනය සකස් කරලා  සියළු පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. ඉදිරියේදී  මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය සහ සුගතදාස ක්‍රීඩාංගනය තුල නිසියාකාරව පුහුණු වීම් කටයුතු වල යෙදීමට හැකියාව ලැබෙනවා.

ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩා පුහුණුකරුවන්වත් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා.ගම්වල ඉන්න සමහර ක්‍රීඩා පුහුණු කරුවන් තමන්ගේ  දක්ෂ ක්‍රීඩා දරුවන්ව වෙනත් පාසල් වලට දෙන්න adeesha anjan 400  flat. silverකැමති නෑ. ඒ නිසාම ඔවුන් ලබාගන්න ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රීඩා පුහුණු කරුවන්ටද විශේෂ මුල්‍යමය වටිනාකමක් ලබාදීමට කටයුතු කරනවා. මේ ක්‍රියාදාමයන් විධිමත්ව කරගෙන යාමෙන් අපේ ක්‍රීඩාව වැඩි වැඩියෙන් ජයග්‍රහණ ලබාගැනීමේ තැනකට පත්කිරීමට හැකිවෙනවා.

ආසියානු ළමා ක්‍රීඩා උළෙලට රටවල් 44 ක් සහභාගිවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 3, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් ලබාගැනීමට සමත් වුනා.

ශාලික සන්තුෂ් පිරිමි මීටර 100 /200 ජවන  රන් පදක්කම් 02
අකලංක පීරිස් පිරිමි පිහිනුම් පසුපස ආර මීටර 100 රන්පදක්කම් 01
අදීශ අන්ජාන් පිරිමි මීටර 400 ජවන රිදී පදක්කම්  01
ප්‍රසාදි ලක්ෂානි තුන් පිම්ම රිදී පදක්කම් 01
එල්. එස්. ඒකනායක බාදක දිවීම මීටර 2000 ලෝකඩ පදක්කම් 01
කේ. එම්. පාරමී වසන්ති බාදක දිවීම මීටර 2000 රිදී පදක්කම් 01
මීටර 100/4 ශාලික සන්තුෂ් , අදීශ අන්ජාන් එච්. එස්. රත්නායක, යොහාන් සෙව්වන්ද  රිදී පදක්කම් 01
මීටර 400/4 මදාරා වීරසිංහ , සඳුමිනි බණ්ඩාර, කේ . ශානිකා ලක්ෂානි, කේ. එම්. පාරමී වසන්ති ලෝකඩ පදක්කම් 01DSC_0287 (FILEminimizer)

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ඩබ්. එම්. ආර්. බී. දිසානායක, ක්‍රීඩා අමාත්‍යංශ අධ්‍යක්‍ෂ ජනරාල්  එස්. ඊ. ආර්. ටී. එම්. එස් . පී. බණ්ඩාර, ජාතික පාසල් මලල ක්‍රීඩා සංගමයේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරසිංහ යන මහත්වරුන් සහභාගී වුනා.

 

Comments

comments

SHARE