ජයග්‍රහණයේ පිපාසයට පොද වැස්සක්.

108
0

පසුගිය කාල සීමාව තුළ පැවති ක්‍රිකට් පරාජයන් හා අර්බුදකාරී තත්ත්වයන්ට තරමක අස්වැසිල්ලක් ගෙන දෙමින් නව ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට පත් වූ දිනේෂ් චන්දිමාල් යටතේ ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය අද (18) සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී සනිටුහන් විය.

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් ලකුණු 377ට පිළිතුරු ලෙස කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 391 ලබා ගන්නා ලදී. මෙහි දී අසේල ගුණරත්න ලකුණු 80 ලබා ගනිමින් තරඟයේ වීරයා සම්මානය හිමි කර ගන්නා ලදී. තරඟාවලියේ වීරයා ලෙස රංගන හේරත් සම්මානය හිමි කර ගන්නා ලදී.

සිම්බාබ්වේ ප්‍රථම ඉනිම ලකුණු 356යි.

ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ලකුණු 346යි.

සිම්බාබ්වේ දෙවන ඉනිම ලකුණු 377යි.

SHARE