ශමින්ද එරංග ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව අයි.සී.සී ය ප්‍රකාශ කරයි.

80
0

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංග ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණ සිදු කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහු ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ඉදිරි තරඟ වල දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමේ වරම නැවත ඔහුට හිමි වේ.

ශමින්ද ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ඉන්දියාවේ චෙන්නායි නුවර මානව ඉරියව් පිළිබඳ පරීක්ෂණාගාරයක දී පරීක්ෂණය සිදු කොට ඇත.

2016 වසරේ මැයි මාසයේ එංගලන්ත සංචාරයේ දී ඔහු මෙම චෝදනාවට ලක් විය.

SHARE