ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය සඳහා ටෙස්ට් සංචිතය නම් ක‍ෙරේ.

73
0

එළඹෙන 26 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරනු ලබන ටෙස්ට් සංචිතය 23 දින ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මගින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලදි.

ඒ අනුව වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර හා මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා නැවතත් සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්කළ දිනේෂ් චන්දිමාල්ගේ නියුමෝනියාව රෝගී තත්ත්වය නිසාවෙන් වමතින් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් හට පළමු ටෙස්ට් තරගයේ නායකත්වය ලබා දීම ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර මෙම සංචිතය සඳහා පිතිකරුවන් 8 දෙනෙක්, දඟපන්දු යවන්නන් තිදෙනෙකු හා වේගපන්දු යවන්නන් සිව්දෙනෙකු ඇතුළත් කර ඇත.

නිමා වූ සිම්බාබ්වේ එක් දින තරගාවලිය අතරතුර පාදයේ කලව ප්‍රදේශය ආශ්‍රිත ව ආබාධයකට ලක්ව සිටි දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සති කිහිපයක විවේකයකින් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇත. ප්‍රදීප් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ ජනවාරි මාසයේ දී පැවති දකුණු අප්‍රිකානු සංචාරයට වන අතර, ඔහුට අමතරව සුරංග ලක්මාල්, ලහිරු කුමාර හා විශ්ව ප්‍රනාන්දු ද මෙම සංචිතයට වේගපන්දු යවන්නන් ලෙස ඇතුළත් කර තිබේ.

පසුගිය වර්ෂයේ දී පැවැත්වූ ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරඟාවලිය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් දකුණත් මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා පසුගිය සතියේ අවසන් වූ සිම්බාබ්වේ ටෙස්ට් තරගය සඳහා තේරී පත් ව නොතිබූ අතර චන්දිමාල්ගේ අසනීප තත්ත්වය නිසාවෙන් නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් වීමට ඔහුට හැකියාව ලැබී ඇත.

තවද සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා සංචිතයේ සිටි ලක්ෂාන් සඳකැන් වෙනුවට මාලින්ද පුෂ්පකුමාර මෙම ටෙස්ට් සංචිතය සඳහා ආදේශ කර තිබේ.

 

ශ්‍රී ලංකා සංචිතය

රංගන හේරත් (නායක)

උපුල් තරංග

දිමුත් කරුණාරත්න

ධනුෂ්ක ගුණතිලක

කුසල් මෙන්ඩිස්

ධනංජය ද සිල්වා

ඇන්ජලෝ මැතිව්ස්

අසේල ගුණරත්න

නිරෝෂන් දික්වැල්ල

දිල්රුවන් පෙරේරා

මාලින්ද පුෂ්පකුමාර

සුරංග ලක්මාල්

නුවන් ප්‍රදීප්

ලහිරු කුමාර

විශ්ව ප්‍රනාන්දු

SHARE