අගෝස්තු මාසයේ දී විශ්‍රාම යාමට නියමිත ජැමෙයිකාවේ කඟවේනා.

74
0

අගෝස්තු මාසයේ ලන්ඩනයේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමෙන් අනතුරුව සිය සමුගැනීම සටහන් කරන බව ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව සිය අවසන් තරඟ දෙක සඳහා මේ වන විට සුදානම් වන ඔහු විශ්වාසය ඵලකරන්නේ සමුගැනීමට සුදානම් වන අවස්ථාවේදී මෙම තරඟ වල ද ශූරතාව තමන්ට හිමිකර ගැනීමට හැකි වන බවයි. බෝල්ට් 2017 ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් සියය සහ සීය වැඩි කිරීම හතර  සහය දිවීමේ ඉසව්වට සහභාගී වීමට නියමිතයි.

අවස්ථා 8 කදී ඔලිම්පික් රන් පදක්කම් දිනා ඇති මෙම සුපිරි ධාවන ශූරයා මළල ක්‍රීඩා ඉතිහාසයට වැදගත් ජයග්‍රහණ රාශියක් එක්කර තිබේ. මෙවර තම අපේක්ෂාව රන් පදක්කම් ජයග්‍රහණය කර ජයග්‍රාහකයෙකු ලෙස සිය සමුගැනීම සටහන් කිරීමට බව ද තව දුරටත් ඔහු ප්‍රකාශ කර සිටී.

ලොව කිසිදු ක්‍රීඩකයකුට මෙතෙක් තමා තරම් වේගයෙන් දිවයාමේ  හැකියාවක් නොමැති අතර එවැනි අයෙක් මෙතෙක් හමු වී නැතැයි ද ඔහු විදෙස් මාධ්‍ය සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටී . තවද මෙතෙක් තමා සමග තරග කළ ක්‍රීඩකයන්ට පරිපුර්ණත්වයට පත්වීමට තවත් කාලයක් ගතවනු ඇති බව ද බෝල්ට් ගේ මතයයි.

SHARE