බෝල්ට් ගේ සමුගැනීමේ සාදය

71
0

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම මළල ක්‍රීඩකයා ලෙස සැළකෙන ජැමෙයිකාවේ කඟවේනා නමැති විරුදාවළිය ලත් 30 හැවිරිදි උසේන් බෝල්ට් පසුගිය දින කිහිපය පුරාවට තමන් සහභාගී වූ අවසන් ජාත්‍යන්තර ධාවන තරඟ සඳහා සහභාගී විය. ඒ ලන්ඩනයේ පැවැත්වෙන 2017 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලිය ස‍ඳහා වේ. එහි දී ඔහුගේ සමුගැනීමේ සාදය ලොව පුරා මලල ක්‍රීඩා ලෝලීන් ශෝකයටත් කම්පනයටත් පත් කරමින් පුවත් මවන්නට සමත් විය.

ඒ අනුව එහි දී ඔහු මුහුණ දුන් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේදී ඔලිම්පික් ශූර තමන්ව පරදා එම ඉසව්ව ජයග්‍රහණය කිරීමට අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් සමත් විය. ඒ තත්පර 9.92ක දක්ෂතාවයක් දක්වමිනි. එහි දී තත්පර 9.95ක දක්ෂතාවයක් දැක් වූ බෝල්ට හිමි වූයේ තෙවන ස්ථානයයි.

එමෙන් ම මීටර් 100 සහාය දිවීමේ පිරිමි ඉසව්වට සහභාගී වූ බෝල්ට් අවසන් මීටර් කිහිපයේ දී පාදයේ ආබාධයක⁣ට ලක්වීම හේතුවෙන් ජැමෙයිකාවට තරඟයෙන් ඉවත්වීමට සිදුවිය.

ලෝක ශූරතා තරඟ ඉතිහාසයේ පළමු වර⁣ට සහාය දිවීමේ රන් පදක්කම සත්කාරක බ්‍රිතාන්‍යයට හිමවෙද්දී ඇමෙරිකාව හා ජපානය රිදී හා ලෝකඩ පදක්කම් පිළිවෙලින් දිනා ගැනීමට සමත් විය.

එහිදී අවසනාවන්ත ලෙස තරඟය අතර තුර පදයේ අබාධයකට ලක්ව ධාවන පථය තුළ ඇද වැටී පිටියෙන් ඉවත් වන්නට බෝල්ට් ට සිදු විය.

කෙසේ වෙතත් මලල ක්‍රීඩාවේ අලුත් පරිච්චේදයක් සනිටුහන් කළ ජැමෙයිකානු කඟවේනාට අමතක නොවන සමුගැනීමේ උත්සවයක් සංවිධානය කරන්නට ලන්ඩන් බලධාරීන් කරයුතු කර තිබිණි. එම තරඟා වලිය තුළ දී ජාත්‍යන්තර ධාවන පථයට සමුදුන් උසේන් බෝල්ට් නැවතත් ධාවන පථයට කැඳවාගෙනවිත් සමරු සිහිවටනයක් ලබාදී මල්වෙඩි සංදර්ශනයකින් සංග්‍රහ කරන්නට තරඟ සංවිධායකයින් කටයුතු කර තිබුණේ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩාංගනයට රැස්ව සිටි පනස් දහසකට අධික ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් මධ්‍යයේ ය.

උසේන් බෝල්ට් පිට පිට ඔලිම්පික් උළෙල තුනකදී එනම් 2008, 2012 සහ 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වල දී මීටර් 100, මීටර් 200 සහ මීටර් 100 හතර සහය දිවිමේ ඉසව්වල අඛණ්ඩව රන් පදක්කම් 9ක් හිමිකර ගත් ලොව පළමු ක්‍රීඩකයා ද වේ. සිය ක්‍රීඩා දිවියේ තරඟ නැරඹීමට පැමිණි සමස්ත ප්‍රේක්ෂකයින්ගෙන් තමන්ට ලැබූ සහයෝගය පිළිබඳව ඔහු මාධ්‍යයට මෙසේ ප්‍රකාශ කළේ ය.

“මේ පිරිස මාව ගොඩක් දිරිමත් කළා. මම ඒකට ස්තූති වන්ත වෙනවා. මං මට ම ලොකු පීඩනයක් දාගත්තා. නමුත් මං බලාපොරොත්තු නොවූ ආකාරයේ දෙයක් සිදු වුණේ. මගේ කකුල් දෙක රිදෙනවා. මං ජීවිතේ දිව්වයින් පස්සේ කකුල් රිදිච්ච මුල්ම අවස්ථාව මේ. ඉතින් මට යන්න කාලේ හරි කියලා මම දන්නවා”

 

SHARE