ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ දැවැන්ත පසුබෑමක.

141
0

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති තෙවන හා අවසන් ටෙස්ට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 171 ක ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දීය පිල සමත් විය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජයග්‍රහණය කළේය.

තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 487 ක් රැස් කර ගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී රැස් කර ගනු ලැබුවේ ලකුණු 135 ක් පමණි.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 352 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකාව දෙවන ඉනිමේ දී සියලු දෙනා දැවී රැස් කරගනු ලැබූවේ ලකුණු 181ක් පමණි.

ශ්‍රි ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ පූර්ණ ටෙස්ට් තරඟාවලි පරාජයක් හිමි කර ගෙන ඇත්තේ වසර 23 කට පසුව වීම ද මෙහි විශේෂත්වයක් වෙයි. එමෙන්ම තම රට තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම හමුවේ පූර්ණ ටෙස්ට් තරඟාවලි පරාජයක් ලැබූ පළමු අවස්ථාව ද මෙය වේ.

ෙමීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම 1994 වසරේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් ලබා ඇත.

SHARE