තේරීම් කම්ටුව 7 වන දා දක්වා පමණි.

56
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (29) දිනයේ ඉල්ලා අස් වී තිබේ.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන අසංක ගුරුසිංහ, රොමේෂ් කලුවිතාරන, එරික් උපශාන්ත සහ රන්ජිත් මධුරසිංහ යන මහත්වරුන් ද සනත් ජයසූරිය මහතා සමගින් සිය ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත බාර දී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ දිගින් දිගටම ලබන පරාජයන් හා සෑම අංශයකින් ම සිදුවී ඇති පරිහානිය හා කඩාවැටීම  සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් පරිපාලනය මෙන්ම ක්‍රිකට් තේරුම් කමිටුව ද මේ වන විට බරපතල විවේචනයන්ට ලක් වෙමින් පවතී .

මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා ඇමැතිවරයාගේ ප්‍රවෘත්ති නිළධාරියා පවසා සිටියේ, මෙම ඒකාබද්ධ ඉල්ලා අස්වීමේ ලිපියට අනුව  එළඹෙන සැප්තැම්බර් 7 වන දා සිට ඔවුන්ගේ ඉල්ලා අස්වීම බලාත්මක වනු ඇති බවයි.

SHARE