ICC එක්දින කණ්ඩායම් දර්ශකයට නව කණ්ඩායම් හතරක්

436
0

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ඊට එක්වී ඇති නව කණ්ඩායම් වන්නේ ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය සහ නේපාලයයි.

ඉන් ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දර්ශකයේ 13 වන සහ 14 වන කණ්ඩායම් ලෙස ස්ථාන ගත කර ඇති අතර, නෙදර්ලන්තය සහ නේපාලය දර්ශකයට පිවිසෙන්නේ ඔවුන් තවත් එක්දින ජාත්‍යන්තර තරඟ 4කට සහභාගිවීමෙන් අනතුරුවයි.

ICC එක්දින දර්ශකයේ ප්‍රමුඛස්ථානය එංගලන්තයටත්, දෙවන ස්ථානය ඉන්දියාවටත් හිමි වී ඇති අතර, ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ එහි 08 වන ස්ථානයයි.

SHARE