මෙම තරගාවලියට සහභාගී වීම සදහා ශ්රි ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, තායිලන්තය සහ මැලේසියානු කණ්ඩායම් සුදුසුකම් ලබා ඇති අතර තරගාවලිය මැලේසියාවේදී අද ආරම්භ වේ.
විස්සයි විස්ස තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙවර කාන්තා ආසියා කුසලාන තරග පෙළ, නොවැම්බරයේ බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හි පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙසයි සැළකෙන්නේ.
මීට පෙර පැවති ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලි හයකින් හතර වතාවක්ම අනුශූරියන් වූයේ ශ්රී ලංකා කණ්ඩායම යි.