පාසල් රග්බි පිටියේ තරග මහ වැසි මැද

298
0

රග්බි පිටියේ උද්වේගකර කුසලාන සහ පලිහ ශූරතාවයේ තරග කිහිපයක් ඊයේ (02) සාර්ථකව නිමාවට පත් විය. මෙම තරග පැවැත්වූයේ වැසි සහිත කාලගුණයක් මධ්‍යයේ වීම විශේෂත්වයකි. කෙසේ නමුත් වැස්ස බාධාවක් නොකර ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නට රාජකීය ක්‍රීඩකයින් ඉසිපතන ක්‍රීඩකයින් පරාජය කරමින් මේජර් මිල්රොයි ප්‍රනාන්දු කුසලානය හිමි කර ගැනීමට සමත් විය.

තවද පලිහ කාණ්ඩයේ තරග කරනු ලබන පෙරළිකාර පාසලක් වන ගල්කිස්ස විද්‍යා විද්‍යාලය විසින් ලුම්බිණි විදුහල පරාජය කරනු ලැබුවේ ලකුණු 65-10ක් ලෙසයි.

සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවති තරගයේ දී මෙතෙක් අපරාජිත වාර්තාව රැකගෙන සිටි සාන්ත පීතර ක්‍රීඩකයින්ට එම කිරුළ අහිමි වී ගියේ ලකුණු 10-05ක් ලෙස සාන්ත ජෝසප් ක්‍රීඩකයින් හමුවේ පරාජය වෙමිනි.

කන්ද උඩරට ද උණුසුම් කරමින් පැවති තවත් තරගයකින් විද්‍යාර්ථ සත්කාරකයින්ට හොඳ හැටි සැලකූ ආගන්තුක ක්‍රීඩකයින් වන මලියදේව විද්‍යාලය ලකුණු 26-22ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.

SHARE