හෂාන් ගේ නව තනතුර

530
0

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා පත්වීම් ලබා තිබෙනවා.

2020 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟාවලිය තෙක් මෙම පත්කිරීම බල පැවැත්වෙනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.හෂාන් තිලකරත්න මහතා මින් පෙර ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසද කලක් කටයුතු කළා.

1996 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ සාමාජිකයෙකු ද වන හෂාන් තිලකරත්න මහතා අන්තර් පළාත් සිව්දින ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනූ ගාල්ල කණ්ඩායමේ පුහුණුකරු වශයෙන්ද කටයුතු කළා. ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 83ක් සහ එක්දින තරඟ 200ක් ඔහු විසින් ක්‍රීඩා කර තිබෙනවා.

SHARE