ආසියානු දැල්පන්දු කිරුල සොයා

32
0

ආසියානු දැල්පන්දු තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම තායිලන්තය බලා පිටත්ව ගියා.

ගයනි දිසානායක නායකත්වය දරන මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 12ක් ඇතුලත්.

කණ්ඩායමේ උප නායිකාව ලෙස කටයුතු කරන්නේ දර්ශිකා අබේවික්‍රම.

දීප්ති අල්විස් කණ්ඩායමේ පුහුණුකරිනිය ලෙස කටයුතු කරනවා.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 10ක් එක්වනවා.

සිංගප්පුරුව , හොංකොං , චීන තායිපේ , තායිලන්තය සහ මාලදිවයින A කාණ්ඩයෙන් තරගවදිනවා.

B කාණ්ඩයට ඇතුලත් වන්නේ ශ්‍රී ලංකාව , මලයාසියාව , ජපානය , බ්රුනයි  සහ ඇෆ්ගනිස්ථානයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය ලබන 1වනදා ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

ගයනි දිසානායක(නායිකා) ,   දර්ශිකා අබේවික්‍රම , ගයන්ජලි අමරවීර , තිලිණි වත්තේගෙදර , සුරේකා කුමාරි , තිවංකා පෙරේරා , දුලංගා ධනන්ජි , හසිතා මෙන්ඩිස් , දීපිකා දර්ශනී , ශ්‍යාමලී රත්නායක , කාංචනා ජයවීර , රුවනි යටිගම්මන , දීප්ති අල්විස් (පුහුණුකාරිනිය) , වජිරා පුෂ්පකුමාරි (කළමනාකාරිනිය)

DSC_0067

Comments

comments

SHARE