ශ්‍රී ලංකා, එංගලන්ත වයස අවුරුදු 19න් පහල තරගයේ පාලනය එංගලන්ත යොවුන් ක්‍රීඩකයන්ට

41
0

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම අතර පළමු සිව්දින තරගයේ දෙවන  නිමාවනවිට තරගයේ වැඩි ගෞරව එංගලන්ත යොවුන් ක්‍රීඩකයින් හිමිකරගෙන සිටියා.

ඊයේ දිනයේදීත්  ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට තවදුරටත් අනුකම්පා විරහිතව පහරදුන් එංගලන්ත පිතිකරුවන් සිය දෙවන ඉනිම සදහා කදුළු 9ක් දැවී ලකුණු 500ක් ලබාගෙන පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කලා.

ආරම්භක පිතිකරු ඔලී වෙස්ට්බරි විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 196ක් රස්කලා.

ඒ හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමගින්.

ජෝජ් බාට්ලට් ලකුණු 131යි.

එංගලන්ත යොවුන් කණ්ඩායමේ පසුපෙළ සවිමත් කල ඔලී පොප් ලකුණු 78ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ජෙහාන් ඩැනියෙල් කඩුලු 3ක් සහ ලහිරු කුමාර කඩුළු 2ක්  හෙලුවා.

ඊයේ දිනයට  නතරකරනවිට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කඩුළු 2ක් දැවී ලකුණු 96ක් ලබාගෙන සිටියා.

චරිත් අසලංක නොදැවී ලකුණු 55යි.

 

එංගලන්ත 19න් පහළ පළමු ඉනිම – 500/9(dec) –  (ඔලී වෙස්ට්බරි – 196, ජෝජ් බාට්ලට් – 131, ජෙහාන් ඩැනියෙල් 91/3 ,  ලහිරු කුමාර 104/2 )

 

ශ්‍රී ලංකා 19න් පහළ පළමු ඉනිම – 96/2 – (චරිත් අසලංක 55*)

 

Comments

comments

SHARE