ආසියානු සවි ඔසවන්නෝ ක්‍රීඩා ඇමති හමුවෙයි

66
0

 

ඉන්දියාවේ උදේපු නුවර පැවැති 2016 ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ පදක්කනම් දිනාගත් රන්සිළු ජයතිලක සහ දරින් වීරසිංහ යන ක්‍රීඩකයන් අද ක්‍රිඩා අමාත්‍යාංශයේ දී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාව හමු වුනා.

ක්‍රීඩා අමාත්‍යවරයා ඔවුන්ට සුභපතමින් පැවසුවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ලෝක සවි එසවීමේ තරඟාවලිය සහ ආසියානු පැසිපික් තරඟාවලිය සඳහා අනුග්‍රහය ලබා දෙන බවත් ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ඇතුළු සියලුම පහසුකම් ලබා දෙන බවත්ය.

රටවල් 16ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450ක සහභාගිත්වයෙන් ජුනි 6 සිට 14 දක්වා මෙම ශූරතාවලිය පැවැති අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වුනා.

එහිදී රන්සිළු ජයතිලක 120kg බර පන්තිය යටතේ සමස්ත ලෝකඩ පදක්කම දිනාගත් අතර ස්කොට් ඉසව්වෙන් රිදී පදක්කමත්, ඩෙඩ්ලිප්ට් ඉසව්වෙන් රන් පදක්කම දිනාගත්තා.

DSC_0328 (FILEminimizer)

Comments

comments

SHARE