ඩිලන්ත මාලගමුව ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ තරගයෙන් පෙරමුණට [VIDEO]

122
0

 

ලැම්බෝගිනි ආසියානු සුපර් ට්‍රොෆියෝ මෝටර් රථ තරගාවලියේ 3 වන අදියර පසුගියදා තායිලන්තයේදී පැවැත්වුණා.

මෙම අදියර තරග 2 කින් සමන්විත වුණා.

එහිදී පළමු තරගයට එක් වූ ශ්‍රී ලංකාවේ ඩිලන්ත මාලගමුව 3 වැන්නා ලෙස තරගය අවසන් කළා.

2 වන තරගයේදී ඩිලන්ත ප්‍රමුඛ කණ්ඩායම තරගය අවසන් කළේ 2 වන ස්ථානය දිනා ගනිමින්.

ලැම්බෝගිනි ආසියානු සුපර් ට්‍රොෆියෝ මෝටර් රථ තරගාවලියේ අදියර 3 ක් නිමාවන විට ශූරතා ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකාවේ ඩිලන්ත මාලගමුව සහ ඔහුගේ සහයක රියදුරු ඉන්දියාවේ අමාන් ඊබ්‍රහිම්.

තරගාවලියේ සිව්වන අදියර ලබන මස 13 සහ 14 යන දිනයන්හි මැලේසියාවේ දී පැවැත්වීමට නියමිතයි.

Comments

comments

SHARE