ඔලිම්පික් වලට එන්නෙ නැහැ – රොජර් ෆෙඩරර්

97
0

ලබන මස බ්‍රසීලයේ පැවැත්වෙන රියෝ ඔලිම්පික් උළෙල සදහා තමන් සහභාගී නොවන බව ස්විස්ටර්ලන්ත සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් පවසනවා.

සිය දණහිසේ ආබාධය තවමත් හරිඅකාරයෙන් සුවනොවිම නිසා මෙම තීරණය ගත් බවයි ෆෙඩරර් පවසන්නේ.

එමෙන්ම මෙම වසරේදී තමන් තවදුරටත් ටෙනිස් තරගාවලි සදහා සහභාගී නොවන බවද ඔහු පවසනවා.

2017 තරගවාරයට වැඩි අවදානයක් යොමුකිරීමේ අරමුණ ඇතිව මෙම තිරණය ගත්බවයි ෆෙඩරර් පවසන්නේ.

පසුගිය පෙබරවාරි මස රොජර් ෆෙඩරර්ගේ දණහිසේ ශල්‍යකර්මයක් සිදුකලා.

රොජර් ෆෙඩරර් 2012 ලන්ඩන් ලිම්පික් උළෙලේ ටෙනිස් පිරිමි කේවල ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.

 

Comments

comments

SHARE