ක්‍රීඩා ඇමති – ක්‍රීඩා සංගම් ප්‍රධානීන් හමුව

41
0

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්සි අද සියලුම ක්‍රීඩා සංගම් කැඳවා ඔවුන් සමග ඒ ඒ සංගම්වලට අදාළ ගිණුම් වාර්තා පිළිඹඳ සාකච්ඡාවක් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී  පැවැත්වුණා. එහිදී සියළුම  ක්‍රීඩා සංගම් වල සභාපතිවරුන් සහ නිලධාරීන් අමතා ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ  තේරීම් කමිටුවල ගැටළු විසඳමින් සංගම්වල කටයුතු ක්‍රමානුකුලව පටන්ගන්නා ලෙසයි.

DSC_0398 (FILEminimizer)

විශේෂයෙන් විදේශ සංචාර වලදී සහ අනෙකුත් ව්‍යාපෘති වලදී එයට අවශ්‍ය මුදල් ඇස්තමේන්තු තමාට ඉක්මනින් ලැබෙන්න සලස්වන ලෙසත් විදෙස් සංචාර යන දිනයන් වලට දින දෙක තුනකට කලින් ඒවා ලබා නොදෙන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

එසේ ඇස්තමේන්තු ලබාදෙන විට ඒ අනුව කටයුතු කිරීමට අමාත්‍යවරයාට කාලය නැති බවද එසේ හදිසියේ කටයතු කිරීමෙන් බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවසුවාDSC_0394 (FILEminimizer)

එමෙන්ම ක්‍රීඩා සංගම් සංචාර වලට යාමේදී නිලධාරීන් පුහුණුකරුවන් වශයෙන් නම්කොට සංචාරවලට නොයොදවන ලෙසයි  අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

තවදුරටත්  අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ  2017 ජනවාරි වනවිට සියලු ක්‍රීඩා සම්ගම් වලට අදාල ක්‍රීඩා දින දර්ශනය තමන්ට ලැබීමට සලස්වන ලෙසයි.

Comments

comments

SHARE