නවසිලන්ත,සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ පළමු දිනයේ පාලනය නවසීලන්තයට

66
0

නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සිම්බාබ්වේ දේශයට පැමිණ සිටිනවා.

ඒ ටෙස්ට් තරග 2කට සහභාගීවීම සදහායි.

නවසීලන්තය සිම්බාබ්වේහි තරග  නිරත වන්නේ වසර 5කට පමණ පසුවයි.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය අද බුලවයෝ හිදී අරම්භ වුනා.

අද පලමු දිනයට තරගය නතර කරනවිට සම්පුර්ණ ගෞරව දිනාගෙන සිටියේ නවසිලන්ත කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කලා.

කෙසේ නමුත් එම තීරණය යහපත් එකක් නොවුයේ සිම්බාබ්වේ පළමු  ලකුණු 164කට සීම වීම නිසයි.

02

සිම්බාබ්වේ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනේ ඩොනල්ඩ් තිරිපනෝ.

ඔහු නොදැවී ලකුණු 49ක් රැස් කලා.

ප්‍රින්ස් මස්වෞරේ ලකුණු 42යි.

සිය ටෙස්ට් දිවියේ හොදම පන්දු යැවීම සනිටුවන් කල නීල් වැග්නර් ලකුණු 41 ට කඩුලු 6ක් බිඳ හෙලුවා.

ඊට අමතරව සෞවුති සහ සන්ට්නර් කඩුළු දෙක බැගින් දවගත්තා.

03

අද පළමු දිනයට තරගය නතරකරනවිට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 32ක් ලබාගෙන සිටියා.

ලේතම් නොදැවී ලකුණු 16යි.

ගප්ටිල් නොදැවී ලකුණු 14යි.  

04

 

Comments

comments

SHARE