“මට ක්‍රිකට් උපකරණ අරන් දෙන්න අපේ තාත්තා මේසන් වැඩ කලා ” – කුසල් මෙන්ඩිස්

8287
0

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ අද දිනය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට අමතක නොවන දවසක්.

ඒ ඔහු අද සිය මංගල ශතකය වාර්තා කල නිසා.

ඉන් නොනැවතුණු කුසල් දිනය නිමවනවිට නොදැවී ලකුණු 169ක් සිටියා.

දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී කුසල් මෙන්ඩිස් සිය අතීතය සිහිපත් කලා.

“වයස අවුරුදු 21දී ජාතික කණ්ඩායමට එක්වීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.

මම හැදී වැදුනේ ක්‍රිකට් ක්‍රීඩාවට,දැව භාණ්ඩ වලට වගේම බයිලා සංගීතයටත් ප්‍රසිද්ධ මොරටුවේ.

පුංචි කාලේ ඉදන්ම මගේ සිහිනය වුනේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්  වෙන එක.

අපි ගොඩක් දුප්පත්.

මගේ තාත්තා ජීවත්වෙන්න කලේ වඩු රස්සාව.

එකෙන් ලැබුන අදායම මදිවුන නිසා මේසන් වැඩත් කලා.

තාත්තා මට ක්‍රිකට් බඩු අරන් දුන්නේ ඒ සල්ලි වලින්.

මට අද වගේ මතකයි ඒ බැට් එක පකිස්ථානයේ නිෂ්පාදිත ඉර්ෆාන් වර්ගයේ එකක්.

ඒ දවසේ ඉදන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු  වීමේ සිහිනය පසුපස මම අවා.”

මේ අතර කුසල් මෙන්ඩිස්ට සුපිරි ක්‍රීඩක  කුමාර් සංගක්කාර පසුකරයාමේ අවස්තාවක්ද උදාවී තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියාවට  එරෙහිව ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු ලැබූ ශ්‍රී ලාංකික පිතිකරුවාගේ වාර්තාවයි.

සංගක්කාර 2007 වසරේදී හොර්බාර්ට් නුවරදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 192ක් ලබාගත්තා.

කුසල්ට , සංගක්කාර පසුකර යෑමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 33ක් පමණයි.

Comments

comments

SHARE