ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සටන අත් නොහරී

179
0

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම අතර පළමු සිව්දින තරගයේ තුන්වන දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 235ක් ලබාගෙන සිටියා.

අද දිනයට වරින්වර වර්ෂාවෙන් බාධා එල්ලවීම දක්නට ලැබුණා.

තුන්වන දිනයට තරගය ආරම්භ කරනවිට ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 96ක් ලබාගෙන සිටියා.

තුන්වන කඩුල්ලට චරිත අසලංක සහ අවිශ්ක ප්‍රනාන්දු එක්ව ගොඩනැගු ලකුණු 79ක සබදතාව බිදවටුනේ නායක අසලංකගේ දැවියමත් සමගයි.

හතරේ පහර 12ක් සමගින් චරිත් අසලංක ලකුණු 81ක් රැස් කලා.

අනතුරුව අවිශ්ක සමගින් පිටියේ එක්වුණු සම්මු අෂාන් සිව්වන කඩුල්ලට ගොඩනැගු සබදතාව ලකුණු 42ක්.

අවිශ්ක ලකුණු 45කට දැවියමත් සමග එම සබධතාවද බිද වැටුනා.

ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස් වුනේ කඩුලු 4කට ලකුණු 173ක් ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ සවිමත් කල සම්මු සහ අශේන් බණ්ඩාර පස්වන කඩුල්ලට ලකුණු 50ක් එක් කලා.

සම්මු දැවියනවිට ලකුණු 51ක් ලබාගෙන සිටියා.

අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 21යි

පන්දු යැවීමේදී ජෝෂ් කොග්ලින් සහ අමර් විර්දී කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 500ක් ලබාගෙන ඉනිම අත්හිටුවීමට තීරණය කලා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එංගලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 265ක් පසුපසින් සිටිනවා.

ශ්‍රී ලංකා 19න් පහල පළමු ඉනිම – 235/6 ( චරිත අසලංක 81  සම්මු අෂාන් 51  අවිශ්ක ප්‍රනාන්දු 45 අශේන් බණ්ඩාර 21* ජෝෂ් කොග්ලින් 19/2 අමර් විර්දී 57/2)

එංගලන්ත 19න් පහළ පළමු ඉනිම – 500/9(dec)

Comments

comments

SHARE