පොදුරාජ්‍ය මණ්ඩලයිය චෙස් තරගාවලිය හෙට සිට වස්කඩුවේදී

94
0

ජගත් චෙස් සම්මේලනය සහ පොදුරාජ්‍ය මණ්ඩලයිය චෙස් සංගමය , ශ්‍රී ලංකා චෙස් සංගමය සමග එක්ව සංවිධාන කරන පොදුරාජ්‍ය මණ්ඩලයිය චෙස් තරගාවලිය හෙට වස්කඩුව සිට්‍රස් හෝටලයේදී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය ලබන මස 7වනදා දක්වා පැවැත්වෙන බවයි සංවිධායකයින් පවසන්නේ.

පොදුරාජ්‍ය මණ්ඩලයිය රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට අසන්න සංක්‍යාවක් තරගාවලිය සදහා එක්වනවා.

තරගාවලිය ක්‍රියාත්මක වන්නේ වයස් කාණ්ඩ 8ක් යටතේයි.

මෙම චෙස් තරගාවලියට Grand Master වරුන් දසදෙනෙක් බාලිකා Grand Master වරියන් අට දෙනෙක් International Master වරුන් 15දෙනෙක් සහ බාලිකා International Master වරියන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එමෙන්ම තරගාවලියේ ජයග්‍රාහකයින්ට රුපියල් මිලියන තුනක මුදල් ත්‍යාගයන් ලබදෙනබවයි සංවිධායකයින් පවසන්නේ.

Comments

comments

SHARE