LSR Colombo Marathon තරඟය ඔක්තොම්බර් මස දෙවනදා

48
0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර මැරතන් තරගය වන LSR Colombo Marathon තරගය ඔක්තොම්බර් මස දෙවනදා පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබද දැනුවත්කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹදී පැවැත්වුනා.

මෙවර  LSR Colombo Marathon තරගය පැවැත්වෙන්නේ 16වන වරටයි.

කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය අසලින් ආරම්භකර බොරැල්ල,දෙමටගොඩ,පෑලියගොඩ,වත්තල සහ හැමිල්ටන් ඇළ මාර්ගය අසළ ඇති මුතුරාජවෙල වගුරු බිමේ සුන්දරත්වය අත්විඳිමින් පමුණුගම ,තලාහේන,පිටිපන, සහ දූව හරහා මීගමුව වෙරළ ආසන්නයට පැමිණීමෙන් මෙම මැරතන් තරගය අවසන් වීමට නියමිතයි.

LSR Colombo Marathon තරගය සදහා මෙවර තරගකරුවන් 6500කට අධික පිරිසක් එක්වනු ඇති බවයි සංවිධායකයින් පවසන්නේ.

මේවනවිටත් විදෙස් රටවල් 20ක් නියෝජනය කරමින් තරගකරුවන් 200ක් සිය සහභාගිත්වය ස්ථිර කර තිබෙනවා.

ගෝලීය දිගු දුර ධාවන තරඟ අතර ප්‍රධාන තරඟාවලියක් වන  LSR Colombo Marathon තරගය  ලොව පුරා ඇති මැරතන් ධාවන තරඟ 110 ක් අතුරින් 56 වැනි තරඟ සංවිධානය බවට පත්ව ඇති අතර  එය ජාත්‍යන්තර මැරතන් සහ දිගු දුර තරඟ සංගමයේ (Association of International Marathons and Distance Races) නිත්‍ය  සාමාජිකයෙකු වශයෙන්  ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම් ද ලබා තිබෙනවා .

එමෙන්ම  මෙම තරඟාවලිය ජගත් මලල ක්‍රීඩා සංගමයේ (International Association of Athletic Federations (IAAF) පිළිගැනීමට පාත්‍ර වී තිබීමද විශේෂත්වයක්.

කාන්තා සහ පිරිමි තරඟකරුවන් සඳහා මෙම මැරතන් තරඟාවලියේ විවිධ ප්‍රභේද පවතින අතර එනම්  වයස 18 සහ ඊට වැඩි -සම්පූර්ණ මැරතන් තරඟය , වයස 50 සහ ඊට වැඩි( ජෙෂ්ට )   – සම්පූර්ණ මැරතන් තරඟය ,වයස 17 සහ ඊට වැඩි –  කෙටි මැරතන් (Half Marathon),වයස 50 සහ ඊට වැඩි ( ජෙෂ්ට ),-කෙටි මැරතන් තරඟය ,විනෝද දිවීම  කි.මි 10 –  වයස 15  සහ ඊට වැඩි (පාසල්/අනෙකුත්) ,විනෝද දිවීම  කි.මි 5 – වයස 15  සහ ඊට වැඩි (පාසල්/අනෙකුත්) වශයෙනි.

කාන්තා සහ පිරිමි සම්පූර්ණ මැරතන් තරඟාවලියේ (Full Marathon) ජයග්‍රාහකයින්ට ත්‍යාග  මුදල ලෙස ඇමරිකානු ඩොලර් 2,500 බැගින් හිමිවන අතර තවත් තෑගි රැසක් ද හිමිවේ.

මේ සඳහා ලියාපදිංචි වීම 2016 ඔක්තෝම්බර් මස 01 දිනපෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා සිදුකෙරේ.

වැඩිදුර විස්තර http://colombomarathon.com/cm_2015/Registration වෙත පිවිසිමෙන් ලබාගත හැකයි.

Comments

comments

SHARE