ශ්‍රී ලංකා යෞවනයන් සමග පළමු සිව්දින තරගයේ වැඩි ගෞරව එංගලන්ත යෞවනයන්ට

57
0

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පළමු සිව් දින තරගය ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

මෙම තරගය පැවැත්වුණේ එංගලන්තයේ කේම්බ්‍රිජ් හීදි.

ඊයේ සිව්වන දිනයට තරගය ආරම්භ කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදමින් සිටි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කඩුලු 6 කට ලකුණු 235 ක් ලබාගෙන සිටියා.

ඔවුන්ගේ මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 100 ක් එක්වෙද්දී අවසන් පිතිකරුවන් සිව් දෙනා දැවී ගියා.

ඒ අනුව ශ්‍රී ලංකා 19 න් පහළ පළමු ඉනිම දැක්වුණේ සියල්ලන් දැවී ලකුණු 335 ක් ලෙසින්.

ඉනිමේ අවසන් භාගයේදී ජෙහාන් ඩැනියෙල් ලකුණු 62 කින් සහ දමිත සිල්වා ලකුණු 33 කින් සිය දායකත්වය ලබාදුන්නා.

පන්දු යැවීමේදී අමාර් විද්රි කඩුලු 5 ක් බිඳහෙලුවා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 500 ක් ලබාගෙන ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා යළි පන්දුවට පහර දෙන්නට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට සිදුවුණා.

තරගය ජය පරාජයෙන් තොරව නිමාවන විට සිය දෙවන ඉනිම සඳහා ඔවුන් කඩුලු 3 ක් දැවී ලකුණු 182 ක් ලබාගෙන සිටියා.

ඩිලාන් ජයලත් නොදැවී ලකුණු 77 යි.

නායක චරිත් අසලංක නොදැවී ලකුණු 70 යි.

කණ්ඩායම් 2 අතර තරග 2 කින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලබන  3 වැනිදා ආරම්භ වනවා.

Comments

comments

SHARE