ආසියානු වෙරළ ජුජුට්‌සු තරගාවලිය මීගමුවේදී ඇරඹේ

114
0
OLYMPUS DIGITAL CAMERA

වසර 5000 කටත් වඩා ඉපැරණි ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ජුජුට්‌සු ක්‍රීඩාවේ ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලිය ඊයේ මීගමුව වෙරළ තීරයේදී ආරම්භ වුනා.

ජාත්‍යන්තර ජුජුට්‌සු සම්මේලනය සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන මෙම ජුජුට්‌සු ආසියානු තරගාවලිය සඳහා මේ වන විටත් රටවල් 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 220 ක්‌ ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

මේ පිළිබඳව අදහස්‌ දක්වන ශ්‍රී ලංකා ජුජුට්‌සු සම්මේලන සභාපති කිත්සිරි ද සොයිසා මහතා පැවැසුවේ, තවත් රටවල් 4 ක ක්‍රීඩිකාවන් පැමිණීමට නියමිතව තිබෙන බවත් ඒ අනුව මෙවර තරගාවලියේ මුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව 250 ඉක්‌මවනු ඇති බවයි.

බර පන්තීන් යටතේ පැවැත්වෙනු ලැබෙන ජුජුට්‌සු ක්‍රීඩාව ප්‍රධාන වශයෙන් ක්‍රමවේදයන් 3 ක්‌ යටතේ ක්‍රියාත්මක වන අතර සටන්, නේවාසා සහ ඩු ඕ එම ක්‍රමවේද යි.

අන්තර්ජාතික ඔලිම්පික්‌ කමිටුව විසින් පිළිගෙන තිබෙන ක්‍රීඩාවක්‌ද වන ජුජුට්‌සු ක්‍රීඩාවේ ආසියානු තරගාවලියක්‌ පවත්වනු ලබන පළමු අවස්‌ථාව වශයෙන්ද මෙම තරගාවලිය ඉතිහාස ගතවනු ඇත.

ආසියානු රටවල් අතරින් ගැටුම්කාරී තත්ත්වයක්‌ නොමැති එකම රට වන්නේ ශ්‍රී ලංකාව වීම නිසා මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ජගත් ජුජුට්‌සු සම්මේලනය පියවර ගත් අතර ඒ පිළිබඳව අදහස්‌ දක්‌වා සිටි ලෝක ජුජුට්‌සු සම්මේලනයේ උප සභාපතිවරයකු මෙන්ම ආසියානු කලාප අධ්‍යක්‍ෂ සුරේෂ් ගෝපි මහතා පැවැසුවේ, ආසියානු රටවල් ගෙන බැලීමේදී ජාත්‍යන්තර තරගාවලියක්‌ පැවැත්වීමට සුදුසුම රට වන්නේ ශ්‍රී ලංකාව බැවින් තරගාවලිය මෙහි පැවැත්වීමට පියවර ගනු ලැබූ බවයි.

 

Comments

comments

SHARE