ශ්‍රී ලංකාව සටනක් දී ජපානයට පරදයි

162
0

 

ආසියානු වයස අවුරුදු 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුණු අවසන් තරගය පැවැත් වුනේ ප්‍රබල ජපාන කණ්ඩායම සමගින්.

එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු සටනකින් පසු පරාජය වුනේ ලකුණු 19 ට 14ක් ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනක පෙරේරා සහ රීසා රෆාඩීන් උත්සාහක දිනුම බැගින් වාර්තා කලා.

එහි ප්‍රවර්ථනයන් සාර්ථක කරගත්තේ කෙවින් ඩික්සන්.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ දෙවන ස්ථානයේ පසුවෙනවා.

ඔවුන් හෙට දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමගින් තරග වැදීමට නියමිතයි.

SHARE