එක්දින සටනට එන කැන්ගරුවන්

361
0

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය සදහා සහභාගිවන ඔස්ට්‍රේලිය සංචිතය අද නම් කලා.

මෙම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ඇතුලත් නොවීම විශේෂත්වයක්.

2012 වසරෙන් පසු මැක්ස්වෙල් ඕස්ට්‍රේලියානු එක්දින සංචිතයකට ඇතුලත් නොවූ පළමු අවස්ථාව මෙයයි.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේදී ඔහු දැක්වූ අඩු දක්ෂතා මේ සදහා හේතුවී තිබෙනවා.

මැක්ස්වෙල් වෙනුවට කණ්ඩායමට නම් කර ඇත්තේ මොයිසස් හෙන්රික්ස්.

පහළොස් දෙනෙකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ ස්ටීවන් ස්මිත්ට.

ඊට අමතරව ඩේවිඩ් වෝනර් , ජෝර්ජ් බෙයිලි , නේතන් කොල්ටර්නයිල් , ජේම්ස් ෆොල්ක්නර් , එරන් ෆින්ච් , ජෝෂ් හෙසල්වුඩ් , උස්මාන් කවාජා , මිචෙල් මාෂ් , ෂෝන් මාෂ් , නේතන් ලයන් , මිචෙල් ස්ටක් , මැතිව් වෙඩ් සහ ඇඩම් සමපා කණ්ඩායමට ඇතුලත් වනවා.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය අගෝස්තු 21වනදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනදී පැවැත්වීමට නියමිතයි.

02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15

Comments

comments

SHARE