ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තවත් කඩඉමක් ජයගනී

95
0
File Photo

වයස අවුරුදු 20න් පහල ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මීට ටික වෙලාවකට පෙර සමත්වුනා.

ඒ සත්කාරක මලයාසියාව ලකුණු 29 ට 14ක් ලෙස පරාජය කරමින්.

ශ්‍රී ලංකා නායක කෙවින් ඩික්සන් උත්සාහක දිනුම් 3ක් වාර්තා කරන්නට සමත් වුනා.

ඊට අමතරව රීසා රෆයඩින් සහ නිෂෝන් පෙරේරා උත්සාහක දිනුම බැගින් වාර්තා කලා.

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ ප්‍රබල දකුණු කොරියානු කණ්ඩායමයි.

ඔවුන් දෙවන අවසන් පුර්ව තරගයේදී ජපානය ලකුණු 24 ට 19ක් ලෙස පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

 

Comments

comments

SHARE