ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

102
0

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට ඊයේ  පස්වරුවේ දුරකථනයෙන් ඇමතූ ජනාධිපතිතුමා සිය සුබ පැතුම් පළ කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් ද සුභාශිංසන පලකලා.

විශිෂ්ට පිති හරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස්ගේ මෙන්ම පන්දු යැවීමේ දක්ෂතා දැක්වූ රංගන හේරත්ගේ දක්ෂතා මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වූ අතර ඔස්ටේලියාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරගයකින් වසර 17 කට පසුව ජයග්‍රහණය කරමින් මාතෘ භූමියට ලබා දුන් ගෞරවය වෙනුවෙන් සිය ස්තූතිය පුද කර සිටියා.

Comments

comments

SHARE