ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ජය ශ්‍රී ලංකාවට

183
0

ආසියානු වයස අවුරුදු 20න්  පහල සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශුරතාව දිනා ගන්නට කෙවින් ඩික්සන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී  ලංකා කණ්ඩායම අද සමත් වුනා.

ඒ අවසන් මහා තරගයේදී ප්‍රබල දකුණු කොරියානු කණ්ඩායම පරාජය කරමින්.

තරගය ආරම්භයේ පටන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රවේගකාරී  තරග රටාවක් අනුගමනය කළා.

එහි අවසන් ප්‍රතිපලය  වුනේ ලකුණු 38 ට 00ක් ලෙස මෙම තරගය පහසුවෙන් ජය ගන්නට ඔවුන්ට හැකි වීමයි.

ශ්‍රී ලංකාව ආසියානු රග්බි ශුරතාවක් දිනු පළමු වතාව මෙයයි.

ගෝල දිනුම් 4ක් සහ උත්සාහක දිනුම් 2ක් මගින් ශ්‍රී ලංකාව සිය ලකුණු 38ට රැස් කලා.

මෙම තරගාවලිය දින 3ක් පුරා පැවැත්වුනේ මැලේසියාවේදීයි.

අවුරුදු 20න් පහල ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර ලබන 12වනදා හොංකොං හිදී අරම්භවීමට නියමිතයි.

Comments

comments

SHARE