ක්‍රිස් මීකේ ඉතිහාසයට එක් වෙයි

54
0

ලෝක ශුරතා මෝටර් රැළි තරගමාලාවේ අට වැන්න දින 3ක් පුරා පැවැත්වුනා ෆින්ලන්තයේදි.

මෙම තරගය අදියර 24කින් සමන්විත වුනා.

එම අදියර පැය 2යි විනාඩි 38යි තත්ත්පර 05කින් අවසන් කල උතුරු අයර්ලන්තයේ ක්‍රිස් මීක් පළමු තැන දිනා ගත්තා.

ක්‍රිස් මෙවර තරගවාරයේ ලද දෙවන ජය මෙයයි.

ෆින්ලන්ත මෝටර් රැළිය ජයගත් පළමු අයර්ලන්ත ජාතිකයා ලෙසයි ඔහු ඉතිහාසයට එක් වන්නේ.

ෆින්ලන්ත මෝටර් රැළියේ දෙවන ස්ථානය දිනා ගත්තේ ෆින්ලන්ත ක්‍රීඩක ජැරි මැටි ලට්වාලා.

අයර්ලන්තයේම ක්‍රේග් බ්‍රින් තුන්වැන්නා ලෙස තරගය අවසන් කලා.

කෙසේ වුවත් ලෝක ශුරතා මෝටර් රැළි තරග මාලාවේ අදියර 8ක් නිමාවනවිට ශුරතා ලකුණු සටහනේ තවමත් පෙරමුණේ පසුවෙන්නේ ප්‍රංශයේ සෙබස්තියන් ඔගියර්.

ඒ ප්‍රසාද ලකුණු 143කට හිමිකම් කියමන්.

Comments

comments

SHARE