කොදෙව්වන් සමග දෙවන ටෙස්ට් තරගයේ පාලනය ඉන්දියාව අතට ගනී.

88
0
West Indies wicket keeper eyes the hit from Cheteshwar Pujara of India off a delivery from West Indies bowler Devendra Bishoo on day 2 of the 2nd Test between India and the West Indies on July 31, 2016 in Kingston, Jamaica. / AFP / Frederic J. BROWN (Photo credit should read FREDERIC J. BROWN/AFP/Getty Images)

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවනවිට තරගයේ සියලු ගෞරව ඉන්දීය පිතිකරුවන්ට හිමිවුණා.

පළමු දිනයේ තරගය නිමාවනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 126ක් ලබාගෙන සිටි ඉන්දීය ක්‍රීඩකයින් ඊයේ දිනයේදීත් කොදෙව් පන්දු යවන්නන්ට දිගට හරහට පහර දුන්නා.

එහි අවසන් ප්‍රතිපලය වුනේ දෙවන දිනය නිමාවනවිට ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලූ 5ක් දැවී ලකුණු ලකුණු 358ක් ලබාගෙන ඉතා ප්‍රබල තත්වයක පසුවීමයි.

01

ඉන්දීය පළමු ඉනිම ගොඩ නැගූ ලෝකෙෂ් රාහුල් සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංක්‍යාව ලෙස අගනා ලකුණු 158ක් රැස් කලා.

රාහුල්ගේ තුන්වන ටෙස්ට් ශතකය හතරේ පහර 15කින් සහ හයේ පහර 3කින් අලංකාර වුනා.

India's batsman Lokesh Rahul hits a six off West Indies' Devendra Bishoo during day two of their second cricket Test match at the Sabina Park Cricket Ground in Kingston, Jamaica, Sunday, July 31, 2016. (AP Photo/Ricardo Mazalan)
India’s batsman Lokesh Rahul hits a six off West Indies’ Devendra Bishoo during day two of their second cricket Test match at the Sabina Park Cricket Ground in Kingston, Jamaica, Sunday, July 31, 2016. (AP Photo/Ricardo Mazalan)

ඊට අමතරව ලකුණු ලබා ගැනීමේදී චේතේෂ්වර් පුජාරා ලකුණු 46ක් සහ නායක විරාත් කෝලි ලකුණු 44ක් ලබා ගත්තා.

අජින්ක්‍යා රහනේ නොදැවී ලකුණු 42යි.

පන්දු යැවීමේදී රොස්ටන් චේසේ කඩුලු 2ක් දවා ගත්තා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 196ක් රස කළා.

ඒ අනුව ඉන්දියාව කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 162ක් ඉදිරියෙන් සිටින්නේ තවත් කඩුලු 5ක් අතැතිවයි.

Cheteshwar Pujara of India watches as West Indies bowler Shannon Gabriel goes airborne following through on his delivery to Lokesh Rahul on day 2 of the 2nd Test between India and the West Indies on July 31, 2016 in Kingston, Jamaica. / AFP / Frederic J. BROWN        (Photo credit should read FREDERIC J. BROWN/AFP/Getty Images)
Cheteshwar Pujara of India watches as West Indies bowler Shannon Gabriel goes airborne following through on his delivery to Lokesh Rahul on day 2 of the 2nd Test between India and the West Indies on July 31, 2016 in Kingston, Jamaica. / AFP / Frederic J. BROWN (Photo credit should read FREDERIC J. BROWN/AFP/Getty Images)

 

05

 

06

Comments

comments

SHARE