හැමිල්ටන් ජර්මනියේදී රොස්බර්ග් හඬවයි

73
0

ලෝක ශුරතා ෆෝමියුලා 01 තරගාවලියේ 12වන තරගය පැවැත්වුනේ ජර්මනියේදී.

මෙවර තරග වාරයේ සිය ප්‍රබලතම ප්‍රතිවාදියා වන නිකෝ රොස්බර්ග් සිය මව්බිමේදී හැඩවූ මහා බ්‍රිත්‍යන්‍යයේ ලුවිස් හැමිල්ටන් ජර්මන් ෆෝමියුලා 01 තරගයේ ජය තමන් සතු කර ගත්තා.

01වට 67කින් සමන්විත වූ තරගය අවසන් කරන්නට හැමිල්ටන්ට පැය 1යි විනාඩි 30යි තත්ත්පර 44.200ක කාලයක් ගතවුනා.

ඔහු මෙවර තරගවාරයේ ලද 6වන ජය මෙයයි.

ඕස්ට්‍රේලියාවේ ඩැනියෙල් රිකාර්ඩෝ දෙවන ස්ථානය දිනා ගත්තා.

ජර්මන් ෆෝමියුලා 01 තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගත්තේ නෙදර්ලන්තයේ මැක්ස් වස්ටපන්.

ලෝක ශුරතා ෆෝමියුලා 01 තරගාවලියේ තරග 12ක් නිමවනවිට ශුරතා ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ මහා බ්‍රිත්‍යන්‍යයේ ලුවිස් හැමිල්ටන්.

ඔහුට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 217ක්.

ශුරතා ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන නිකෝ රොස්බර්ග්ට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 198ක්.

Comments

comments

SHARE