2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගයේදී විරාත් කෝලි සිය එක්දින දිවියේ 48වැනි ශතකය වාර්තා කළා.
පන්දු 97කින් නොදැවී ලබා ගත් ලකුණු 103ත් සමග ඔහු තවත් ලෝක වාර්තාවක් අභියසට පැමිණ තිබෙනවා.
ඒ ලොව වැඩිම එක්දින ශතක ලාභියාවන වන සචින් ටෙන්ඩුල්කාර්ගේ ලෝක වාර්තාව සම කිරීමටයි.
සචින් මේවන එක්දින ශතක 49ක් ලබා ගෙන මෙම වාර්තාවට හිමිකම් කියන අතර කෝලිට මෙම ලෝක වාර්තා සම කිරීමට තවත් එක් ශතකයක් පමණක් අවශ්‍ය වනවා.
මීට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර මහේල ජයවර්ධන පසු කර 4 වැනි ස්ථානයට පත් වෙන්නත් කෝලිට හැකියාව ලැබුණා.
ඔහු මේවන විට තරග 511කට ක්‍රීඩා කරමින් ලකුණු 26,026ක් ලබා ගෙන තිබෙනවා.
මෙම ලෝක වාර්තාවටත් සචින් හිමිකම් කියන අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරයි.