Home Cricket සංගට bye කියූ මාලිංග ඉන්දියන්ස් යයි

සංගට bye කියූ මාලිංග ඉන්දියන්ස් යයි

2024 IPL ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණු ධූරයට ලසිත් මාලිංග පත් කර තිබෙනවා.

මාලිංග මීට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එම ධූරයට සමුදෙමින් ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

කෙසේවෙතත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ කුමාර් සංගක්කාරයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බව මාලිංග මීට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණු උපදේශක ලෙස ද කටයුතු කර තිබෙනවා.

පසුගිය වසර කිහිපයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධූරයේ කටයුතු කළේ නවසීලන්තයේ ෂේන් බොන්ඩ්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here