ශ්රී ලංකා සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකාව කඩුලු 6ක් දැවි ලකුණු 204ක් ලබා සිටියාය.
ඒ අනුව එංගලන්ත පළමු ඉනිමට වඩා ඉදිරියෙන් සිටියේ ලකුණු 82ක් පමණි.
කමිඳු මෙන්ඩිස් ලකුණු 56ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 20ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
සිය 42 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ මැතිව්ස් ලකුණු 65කට දැවී ගියා.
එංගලන්තය පළමු ඉනිමට ලකුණු 358ක් ද,ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 236ක් ලබා ගත්තා.
එහිදි සිය මංගල ටෙස්ට් ශතකය රැස් කළ ජේමි ස්මිත් පන්දු 148කදී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 111ක් රැස් කර කළා.
පන්දු යැවීමේදී අසිත ප්රනාන්දු කඩුලු 4ක් බිඳ දැමූ අතර, ප්රභාත් ජයසූරිය කඩුලු 3ක්, විශ්ව ප්රනාන්දු කඩුලු 2ක් සහ මිලාන් රත්නායක කඩුල්ලක් දවා ගත්හ.
අද තරගයේ සිව්වැනි දිනයයි.