එක්දින ලෝක කුසලානයේ එංගලන්තය සමග තරගයේදී ලකුණු 77ක් ලබා ගත් පැතුම් නිස්සංක සුවිශේෂී වූ කඩයිමක් පසු කළා.
ඒ මෙම වසරේදී ජාත්‍යන්තර එක්දින පිටියේදී ලකුණු 1000 සීම පසුකළ ලොව දෙවැනි පිතිකරු ලෙසට පත් වෙමින්.
පැතුම්ට අමතරව මෙම වසරේ ලකුණු 1000 සීමාව ඉන්දීය පිතිකරු ශුබ්මන් ගිල් පසුකර තිබෙනවා.
පැතුම් නිස්සංක මෙම වසරේදී එක්දින තරග 25කට ක්‍රීඩා කර ලකුණු 1062ක් රැස්කර ගන්නට සමත් වී තිබෙනවා.