බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
පල්ලේකැලේදී පැවැති තරගයට වර්ෂාව හේතුවෙන් තරගය පන්දු ඕවර 44කට සීමා කළා.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 189ක් රැස් කළේය.
වනිඳු හසරංග ලකුණු 40කට කඩුලු 4ක්
ද,මහීෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 3ක් ද,අසිත ප්රනාන්දු ලකුණු 35කට කඩුලු 3ක් ද දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 02ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 190ක් ලබා තරගය ගත්තා.
නායක චරිත් අසලංක නොදැවී ලකුණු 62ක් ලබා ගත්තේය.
ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකිවිය.