ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පුහුණුකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
Q ඉන්දීය තරගයේදී Toss එක දිනලා ඇයි ඇයි බැට් කළේ නැත්තේ ?
මහේල ජයවර්ධන – ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක
අපි විකට් ටික දැක්කහම එදා බැට් කරන්න ඕනේ කියලා හිතුවා.කෙත්තාරාමය ඔය වගේ ප්‍රශ්නයක් තිබුණා..ඉන්දියාවේ කඩුලු ගත්තොත් අඩු ලකුණු තත්ත්වයකට තියන්න පුළුවන් කියලා අපි හිතුවා.
අපේ පන්දු රැකීමේ දුර්වල කමක් තිබුණා උඩ පන්දු දෙකක් ගිලිහි ගියා.
අපේ දක්ෂකම් අනුව තමයි අපි හදන්නේ
දෝලනය වෙන නිසා අපි චාන්ස් එකක් ගත්තේ
අපි වගකීම ගන්න කැමතියි.
ඉන්දියාවත් බැට් කරන්න හිටියයි කියන එක මම දන්නේ නෑ.අපි උඩ පන්දු රැක ගත්තා නම් එකේ පාලනයත් තිබුණා.
පාර්ලිමේන්තු වරප්‍රසාද තියාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරයි කතා කරන්න පුළුවන්. එළියට ඇවිල්ලා ඔය ගැන කියන්න පුළුවන්.පාර්ලිමේන්තු වරප්‍රසාද තියාගෙන කියන ඒවට මම උත්තර දෙන්න කැමති නෑ.
Q.A. ඇමැතිවරයා පඩි නඩි පවා විවේචනය කළා.
ක්‍රීඩකයින්ට මරණ තර්ජණ ආවා ද ?
කුසල් මෙන්ඩිස් පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ මට නම් මරණ තර්ජන ආවේ නෑ..
අපි රට වෙනුවෙන් තරඟ කරන්න ගියා ..අවාසනාවකට තරග දිනන්න බැරි වුණා.තරග පරාජයවීම ගැන මම ඇතුළු කණ්ඩායම ජාතියෙන් සමාව ඉල්ලා සිටිනවා.
එකෙන් අපිට කිසිම බලපෑමක් ආවේ නෑ..ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු සහාය අපිට ලැබුණා…
මහේල ජයවර්ධන
අපි වෘත්තීය මට්ටමකින් මේ දේ කරන්නේ…පුහුණුකරුවන් කැපවීමෙන් කටයුතු කරන්නෙ..ඒවට තමයි ඔවුන්ගේ වේතන ලැබෙන්නේ නියාමනයක් ඇතුව…කරන කෙනාගේ කකුලෙන් අදින එක තමයි මේ රටේ චාරිත්‍රය…අපි අපි කරන දේ අනුව තමයි අපේ වේචන ලැබෙන්නේ…ජනතාවට වැරදි දේවල් ප්‍රචාරය කරන එක ගැන කණගාටු වෙනවා..විදෙස් පුහුණ කරුවන්ටත් ගෙවපු මේ වේතනය මෙරට පුහුණුකරුටත් ගෙවන්න ඕනේ.
Q.A..
LPL ගහලා ක්‍රීඩකයන්ට ප්‍රශ්නයක් වුණා ද..?
(කුසල් මෙන්ඩිස් පිළිතුරු ..)
ලීග් දාපු නිසා ප්‍රයෝජනයක් තියෙනවා..ආබාධ ඇති වුණා තමයි…ඒ උනාට හැම රටක් ලීග් ගහලා තමයි උඩට එන්නෙ…
(මහේල….)
එක්දින තරඟ ආවේණික විදිහට හදාගන්න වෙනවා…ලෝක කුසලානය අපි සාකච්ඡා කරනවා.. වාර්තාවක් ලබා දෙනවා ක්‍රිකට් ආයතනයට. අපි කාගෙවත් හිරකාරයෝ නෙමේ.අපි පරිපාලනය කරන්න කට්ටිය නෙමෙයි.
Q.A . ක්‍රීඩාපිටියට යන්න විනාඩි දෙකක් තිබිලා angelo mathews දැවී ගියේ ඇයි ?
(මහේල පිළිතුරු).
ඒක පොඩි වැරැද්දක් ..ICC එකේ තියනවා මේ කරුණු ගැන…විනිසුරුවන්ට තිබුණා කාලය ලබා දෙන්න..බංග්ලාදේශය නායකයන්ටත්.
Q.A…තරඟ තහනම බලපාන්නේ කොහොමද..?
( පිළිතුර කුසල්)
අපිට ඉක්මනින් තහනම ඉවත් වෙයි කියලා හිතනවා…ඉදිරි තරග වලට අපි ලෑස්ති වෙන්න..අපේ පුහුණුවෙන් පටන් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා ලබන අවුරුද්දේ තරග කිහිපයක් තියෙනවා.