Home Cricket ICC නව නීති පොතට එන Time out 60 sec

ICC නව නීති පොතට එන Time out 60 sec

එක්දින සහ T20 ක්‍රිකට් තරගවල දී කාලය නාස්ති කිරීම වැළැක්වීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

එක් පන්දු ඕවරය නිමා කර විනාඩියක් ඇතුළත ඊළඟ ඕවරය යැවීමට පන්දු රකින කණ්ඩායම සූදානම් නැතිනම්, එය ඉනිමක තුන්වැනි වරක් සිදුකළ විට ලකුණු 5ක දඩයක් පනවනු ලැබෙනවා.

2023 දෙසැම්බර් සහ 2024 අප්‍රේල් අතර කාලය තුළ මෙම ක්‍රමවේදය අත්හදාබැලීමට නියමිත බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.

මේ අතර පිරිමියකු වශයෙන් උපන් සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට අන්තර්ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කිරීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තහනම් කර තිබේ.

කැනඩාවේ ඩැනියෙල් මැක්ගේ මෙම වසර මුලදී අන්තර්ජාතික කාන්තා සංචිතයකට නම් කළ පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්විය.

කෙසේවෙතත්, ICC හි නව රෙගුලාසි යටතේ ඇයට තවදුරටත් අන්තර්ජාතික කාන්තා ක්‍රිකට් තරඟ සඳහා තරඟ කිරීමට නොහැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here