2024 IPL ක්‍රිකට් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග යළි එක්වීමට හර්දික් පාණ්ඩ්‍යා මෙවන විට සූදානම් වනවා.
හර්දික් පාණ්ඩ්‍යා 2022 වසරේ සිට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වය දරමින් ක්‍රීඩා කරන අතර ඔහුගේ නායකත්වය යටතේ 2022 වසරේ IPL ශූරතාව ගුජරාට් කණ්ඩායම දිනා ගත්තා.
මෙම වසරේ සිට හර්දික් පාණ්ඩ්‍යා මීට පෙර ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක් කර ගැනීම සදහා මේවන විට මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් කටයුතු කරමින් සිටිනවා.
හර්දික්ට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් ඉන්දියානු රුපියල් කෝටි 15ක මුදලක් හිමිවන අතර එම මුදල ගුජරාට් කණ්ඩායමට ගෙවා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හර්දික් එක්කර ගැනීමට නියමිතයි.
ඔහුව මිලදී ගැනීම වෙනුවෙන් බොහෝදුරට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සිටින එංගලන්තයේ ජොෆ්රා ආචර් සහ ඔස්ට්‍රේලියාවේ කැමරන් ග්‍රීන් තවදුරටත් රදවා නොගෙන මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කිරීමට සිදුවනවා.