අද පස්වරුවේදී පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ක්‍රීඩා සහ වාරිමාර්ග අමාත්‍ය ධූරයෙන් රොෂාන් රණසිංහ මහතා ඉවත් කරන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.
අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට අදාළ ලිපිය ජනාධිපතිවරයා විසින් රොෂාන් රණසිංහ මහතා වෙත ලබා දී තිබෙනවා.
ඒ අනුව පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍ය ධූරයට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන හරින් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.