එංගලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ පළමු එක්දින ක්රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50දී සියලු දෙනා දැවී ලකුණු 325ක් ලබා ගත්තා.
Zak Crawley ලකුණු 48ක් ද ,Harry Brook ලකුණු 71ක් ද ලබා ගත්තා.
Romario Shepherd ලකුණු 77කට කඩුලු 2ක් ද,Gudakesh Motie ලකුණු 49කට කඩුලු 2ක් ද,Oshane Thomas ලකුණු 57කට කඩුලු 2ක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5කදී කඩුලු 6ක් දැවී ලකුණු 326ක් තරගය ජය ගත්තා.
Alick Athanaze ලකුණු 66ක් ද, නායක Shai Hope නොදැවී ලකුණු 109ක් ද ,රොමාරියෝ ෂෙෆර්ඩ් ලකුණු 48ක් ද ලබා ගත්තා.
මෙම ජය සමග බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලිය තරග 1 -0ක් ලෙස පෙරමුණ ගන්නට සමත්විය.