Home Cricket බංගලින් පරදා යොවුන් ලෝක කුසලානයට පෙර පුහුණුවක් ගත් අපේ පොඩ්ඩෝ

බංගලින් පරදා යොවුන් ලෝක කුසලානයට පෙර පුහුණුවක් ගත් අපේ පොඩ්ඩෝ

2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු පෙර පුහුණු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 112ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා U 19 කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 238ක් ලබා ගත්තේය.

පුලිඳු පෙරේරා ලකුණු 50ක් ද ,දිනුර කළුපහන ලකුණු 34ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ U19 කණ්ඩායම පන්දුවාර 36.2කදී කඩුලු 9ක් දැවී ලකුණු 119ක් ලබා සිටියදී තරගයට වර්ෂාව හරස් වුණා.

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව බංග්ලාදේශයට ඒවන විට ලකුණු 232 ලබා ගත යුතු විය.

ඒ අනුව මෙම තරගය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ජය ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here